ශ්‍රී ලංගමය දෙපාර්තමේන්තුවක් කරන්නැයි ප්‍රවාහන සේවක සංගමය ඉල්ලයි



ආණ්ඩු මාරු වන වාරයක් පාසා බලයට පත්වන ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති විසින් හොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතා අවිධිමත් පත්වීම් සහ උසස්වීම් ස්ථාන මාරු කිරීම් සිදු කරන ප්‍රමුඛතම ආයතනය බවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පත්ව ඇති බැවින් එම නීති විරෝධී, මානව විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවන් වළක්වාලීම සඳහා ශ්‍රී ලංගමය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

මෙම සදාචාර විරෝධී ක්‍රියාවලිය වළක්වාලීමට තම සංගමය ගත හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් එම වෑයම අසාර්ථක වී ඇතැයිද මෙම ක්‍රියාවලිය වළක්වාලීමට කළ යුතු එකම පිළියම වන්නේ ශ්‍රී ලංගමය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම බවද එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වෙයි.

2012.04.25 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද 2015.01.08 ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද 2015 අය - වැය ලේඛනයට ඉදිරිපත් කළ යෝජනාවලින්ද ශ්‍රී ලංගමය දෙපාර්තමේන්තුවක් බවට පත්කරන ලෙස තම සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටි බවද සිහිපත් කරන එම සංගමය ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන වන දුම්රිය දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඊට නිදසුන් වශයෙන් සඳහන් කරයි.

No comments:

Powered by Blogger.