පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්වය ලියූ අකර්ෂා දැරියට ලක්ෂ 5ක වන්දියක්


 අම්පාර, කුමන, පන්නල්ගම ප්‍රදේශයේදී පසුගියදා වන අලියකුගේ පහරදීමකට ලක්වී පියා මරුමුවට පත්ව සිටියදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විහංගි ආකර්ෂා දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක්
ලබා දෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. ඇය ශිෂ්‍යත්ව විභාගයට පිටත් වූයේ කුඩා නිවස මැද තැන්පත් කර තිබූ පියාගේ දේහයට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුවය.


අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් පනස් දහසක් ලබාදුන් බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. මෑතක සිට කුමන, පන්නල්ගම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී ඇති බව වනජීවී නිලධාරීහු කියා සිටිති. අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා එම ප්‍රදේශවල අලුතින් විදුලී වැට ඉදිකිරීමට යෝජනා වී ඇතැයිද ඔවුහු පවසති.

-සපුමල් ජයසේන-

No comments:

Powered by Blogger.