89 භීෂණ සමයේ කතාබහට ලක්වූ ජ්‍යෙ.නි. පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අභාවප්‍රාප්තවේ

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා 84 වන වියේදී අභාවප්‍රාප්ත වූයේය.
ජවිපෙ 2 වැනි කැරළි සමය
වන 1986 සිට 1990 දක්‌වා කාලය තුළ ජවිපෙ ක්‍රියාකාරීන් මර්දනය කරන්නට ප්‍රබල දායකත්වයක් දැරූ අයෙකු ලෙස ඔහුගේ නම කියැවිණි.
89 භීෂණ සමයේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කළ නීතිඥවරුන් 15 දෙනකු ඝාතනයට පත් වූ අතර ඇතැම් නීතිඥවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල සහ සහකාර පොලිස්‌ අධිකාරි ඩග්ලස්‌ පීරිස්‌ට බරපතළ චෝදනා එල්ල විය. මින් නීතිඥවරුන් 8 දෙනකු ආණ්‌ඩුවේ ආරක්‌ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කළ බව පසුව වාර්තාවී තිබුණි.
ඔහුගේ ක්‍රියාකාරීත්වයට පලිගැනීමක් ලෙස ගාල්ලේ පැවති ඔහුට අයත් නිවස ජවිපෙ ක්‍රියාකාරීන් එකල ගිනි තබා තිබූ අතර ඔහුගේ මව මියගියේ එම ගින්නට පිලිස්සීමෙනි.
උඩුගම්පොළ මහතාගේ දේහය ගම්පහ පහළගම උඩුගම්පොළවත්ත නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු ලබන 5 වනදා ගම්පහදී සිදුකෙරේ.

No comments:

Powered by Blogger.