2019 වසරේ ඉතාලියේ උපන් පළමු දරුවා ලංකාවෙන්-නම ඉතලෝ බණ්ඩාර


නව වසරේ ඉතාලියේ රෝම අගනුවරදී උපත ලැබූ  පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික මවුපිය යුවළකට
දාව උපත ලැබූ දරුවකුට හිමිවී ඇත.
මෙම ශ්‍රී ලාංකික දරුවා රෝමයේ සත් පිලිප්ලෝ නේරි රෝහලේදී නව වසර උදා වී තත්පර 10 ක් ගතවෙද්දී උපත ලබා ඇත.

වසර ගණනාවක සිට රෝමයේ සත් පියෙත්‍රෝ ප්‍රදේශයේ ජීවත්වන ප්‍රසාද් බණ්ඩාර හා මධුභාෂිණි යාපා යුවළට දාව උපන්  මෙම දරුවා ඉතාලියට ගෞරවයක් ලෙස ඉතලෝ බණ්ඩාර ලෙස නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉතලෝ බණ්ඩාර දරුවාට සහ ලාංකික මවුපිය දෙදෙනාට සුබ පැතීමට රෝමයේ නගරාධිපතිනි වර්ජීනියා රෙජ්ජී මහත්මිය ද පෙරේදා (1) උදෑසන එම රෝහලට පැමිණ සිටියාය.

හොරණ පදිංචිකරුවන්වන මෙම පවුල වසර කීපයක සිට රෝම නගරයේ ජීවත් වේ.

-චන්දන ප්‍රනාන්දු-


No comments:

Powered by Blogger.