16ක් රෝහල්ගත කල වෑන් රථ අනතුර



රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය කළ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ සිටි 16 දෙනකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී. ධර්මප්‍රිය මහතා පැවැසීය.

ඊයේ මෙම අනතුරට සිදුවී ඇත්තේ හැටන්-බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් පෙට්රොසෝ වත්ත ප්‍රදේශයේදීය.

තුවාලකරුවන් අතර කුඩා ළමයින් කිහිපදෙනකු සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයකු කීය.

වෑන් රිය අනතුරට පත්වීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුද පැයකට ආසන්න කාලයක් ඇන හිට තිබිණි.

No comments:

Powered by Blogger.