ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරිය බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබයි



දේශපාලනය, සෞඛ්‍ය සේවය, කලාව, ක්‍රීඩාව සහ සමාජ සේවය වැනි විවිධ අංශවලින් රටට සේවය කරන විශාල පිරිසකට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින වාර්ෂිකව සම්මාන ප්‍රදානය කරන්නීය.

2019 වසරේ ද නව අවුරුදු උදාවත් සමග රැජින අතින් එවැනි සම්මාන ලබන පිරිස මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. ඒ අතර ශ්‍රී ලාංකික වෛද්‍යවරියක ද සිටී.

ඇය මෝඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ විශේෂඥ මනෝ චිකිත්සක නිමාලි සෙනෙවිරත්න ය. (Dr Gertrude Nimali Seneviratne)



"අනේ මම දැන් සිංහලෙන් කතාකරන්නෙම නෑ," වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්න සිනහසෙමින් සංවාදය ආරම්භ කළේ එලෙසිනි.

එසේ පැවසූ නමුත් ඇය හැකි තරම් සිංහලෙන් කතා බහ කිරීමට උත්සාහයක යෙදුනාය.

"මට හරිම සන්තෝසයි. කියන්නේ මම හිතුවේ නෑ. කොහොමද කියන්නේ ... මේක ලැබේවි කියල මම හිතුවෙම නෑ."



වෛද්‍යවරයෙකු සහ හෙදියකගේ දියණිය ලෙසින් ශ්‍රී ලංකාවේ උපත ලබා, හත් හැවිරිදි වියේදී බ්‍රිතාන්‍යයට පැමිණි ටෘඩි, මේ වනවිට ලන්ඩනයේ වෙසෙන ඉහළ පෙළේ මනෝ චිකිත්සකවරියකි.

කතෝලික පවුල් පසුබිමක හැදී වැඩුන ද, ලන්ඩන් නුවරදී ඇය සිංහල භාෂාව හැදෑරුවේ, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ඉරිදා දිනවල පැවැත්වෙන සිංහල භාෂා පන්තියෙනි.















































No comments:

Powered by Blogger.