විදේශ ණය ගෙවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේන් ඇ.ඩො. මිලියන 1000 ක් - මංගල හා රවී ගැටේ

මංගල සමරවීර හා රවී කරුණානායක හොද මිතුරන්

විදේශ ණය ආපසු ගෙවීම සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේන්  සිට ඇ.ඩො. මිලියන 1000 ක් ලබා ගැනීමට විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රබල විරෝධයක් එල්ල කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සදහන් කලේ  ඊයේ (04) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයෙදී මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවය.

කැබිනට්  පත්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙරාතුව සමරවීර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර තිබිණි.

අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ විදේශීය ණය ආපසු ගෙවීම සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදා ගැනීමෙන් සාමාන්‍ය ජනයාගේ ඉතිරිකිරීම් අවදානමට පත් වන බවය.

ණය ආපසු ගෙවීම් සඳහා මුදල් සොයා ගැනීමට විකල්ප ක්රම සොයා ගත යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරත් පවසා තිබේ.

කරුණානායක මහතා විසින් විරෝධතා නොතකා කැබිනට් පත්‍රිකාව සම්මත විය.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් සමරවීර සහ කරුණානායක මහත්වරුන් අතර අර්බුදයක් ඇති විය.

මුදල් අමාත්‍යංශය ලබා නොදුනහොත් තමා විපක්ෂයට වාඩි වනු ඇති බවට සමරවීර මහතා තර්ජනය කළේය.

No comments:

Powered by Blogger.