උදා ගම්මානයක’ නොව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට සූදානම් වෙන්න – සජිත්ගේ අභියෝගයට විමල්ගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු
‘උදා ගම්මානයක නොව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයක සූදානම් වෙන්නැයි’ පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.
විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට අභියෝග කළ අතර පසුගියදා ත‍්‍රිකුණාමලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ එම විවාදය උදා ගම්මානයක පැවැත්වීය යුතු බවයි. එහෙත් විමල් මන්ත‍්‍රිවරයා ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ නිදන් වස්තු බහුල ප‍්‍රදේශවල ඉදිකරන උදා ගම්මානයක එම විවාදය පැවැත්වීම ප‍්‍රායෝගික නොවන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
අමාත්‍යතුමනි,
ප්‍රසිද්ධ විවාදයක් සඳහා කළ අභියෝගය භාරගැනීම පිළිබඳව ය
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මා විසින් ඔබ වෙත කරන ලද අභියෝගයට ප්‍රමාද වී හෝ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමි.
එනමුත් පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් ඔබ ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා බවත් ඒ සඳහා ඔබ විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙස ය. එය පිළිගත හැක්කක් නොවේ. නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන කාටත් වැටහෙන්නකි.
එබැවින් මා ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවට යළිත් යෝජනා කරමි. ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් මා සමඟ එකඟතාව පළකර ඇත.
එහිදී ඔබගේත්, ඔබගේ පියාණන්ගේත් මාගෙත් දේශපාලන භාවිතය පිළිබඳව රට හමුවේ ගැඹුරින් සිහිපත් කිරීමේ අවස්ථාව උදා වනු ඇත. ඒ සඳහා කඩිනමින් අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.
මෙයට,
විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018-08-30

No comments: