ඒකාබද්දයේ කොළඹ විරෝධයට එක්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට දඬුවම්..

සැප්තැම්බර 05 වැනිදා කොළඹ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂය සදහන් කරයි.

පක්‍ෂ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ විරෝධතාවයට සහභාගී වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බවයි. එම විරෝධතාවට සහභාගී වන්නේ යයි මේ වන තෙක් කිසිම මන්ත‍්‍රීවරයෙක් දන්වා නැති බවද ඔහු පැවසීය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.