පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ද ඉකුත් දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


පොල්ගස්ලන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉකුත් දා මෙලෙස මියගොස් තිබුණා. එම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.


No comments:

Powered by Blogger.