අද සිට පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් - අනවසර ස්ථානවල වාහන නතර කලොත් දැඩි පියවර

අද සිට පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් - අනවසර ස්ථානවල වාහන නතර කලොත් දැඩි පියවර

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල නවතා තැබෙන යතුරු පැදි සහ වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල රථවාහන නවතා තැබීම සම්බන්ධයෙන් මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ කටයුතු කිරීමට හැකියාව පවතී.

ඒ අනුව එවැනි වරදකට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් රුපියල් 50,000 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  

මේ අතර පොදු ප‍්‍රවාහන සේවා සපයන ලංගම, පෞද්ගලික බස් රථ සහ දුම්රිය තුළ සිගමන් යැදීම ද මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය විසින් තහනම් කර තිබේ. ඒ, කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙසයි. 

ඒ අනුව පොදු ප‍්‍රවාහන සේවා සපයන ලංගම හා පෞද්ගලික බස්රථ සහ දුම්රිය තුළ සිගමන් යදින යාචකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා සිටියි.

No comments:

Powered by Blogger.