හෝමාගම පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ සියලු නිලධාරීන් ස්වයං නිරෝධායනයට - සැරයන්වරියකට කොරෝනා
හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවයේ නියුතු සැරයන්වරියකට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන්ට ස්වයං නිරෝධායනය වන ලෙස හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා නියෝග කර ඇත.
මේ අනුව එම ගොඩනැගිල්ලේ වූ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරී කාර්යාල මෙන්ම වංචා විමර්ශන ඒකකයට අයත් නිලධාරීන්ද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් දී ඇත.
එම කාන්තා සැරයන්වරිය සමග ඍජු සබඳතා පැවැත්වූ සියලුම පිරිස් ස්වයං නිරෝධායනයට උපදෙස් ලබා දුන් බවත් ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (17) දින සිදු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
No comments: