නීති විරෝධීව ගෙන්වූ සුපිරි මෝටර් රථ දෙකක් රේගු භාරයට ගනී
අවසර නැතිව ගෙන්වූ මිනි කූපර් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් බහාලුමකින් සොයා ගෙන තිබේ.
ඒ අනුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ එම මිනි කූපර් වර්ගයේ මෝටර් රථය සහ සුඛෝපභෝගී වෑන් රථය බහාලුමක් තුළ තිබී රේගු භාරයට ගෙන තිබේ.
මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවෙන් අදාළ වාහන මෙරටට ගෙන්වා ඇති බව හෙළි වී තිබේ.
කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීම තාවකාලිකව තහනම් කර තිබෙන අතර අදාළ බහාලුම මෙරටට ගෙන්වා ඇත්තේ එම තහනම පැනවීමට පෙර බව වාර්තා වේ.
No comments: