පොහොට්ටුව රැලි නොතිබ්බට ටෙලිෆෝනය රැලි තියන්න යයි !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය රැලි කල් දමා ඇත්තේ රැලි සංවිධානය කරගැනීමට නොහැකි වීම නිසා යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියයි.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව මැතිවරණ රැලි පවත්වන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.

මේ වනවිට Covid-19 රෝගීන් වාර්තා වන ප්‍රදේශවල හැර අනෙකුත් සියලු ප්‍රදේශවල සෞඛ්‍ය නීතී රීතිවලට අනුගත වෙමින් ජනහමු පවත්වන ඒ මහතා කියා සිටී.

ජාතික සමගි ජනබලවේගයේ සංවිධායකවරුන්ට මැතිවරණ රැලි පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සිය පක්ෂය දැනුම්වත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.