පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ඉල්ලා තර්ජනය කරලා - මාලක සිල්වා සොයා පොලිස් මෙහෙයුමක්

පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ඉල්ලා තර්ජනය කරලා - මාලක සිල්වා සොයා පොලිස් මෙහෙයුමක්

තම පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මාලක සිල්වා විසින් කප්පම් ඉල්ලා තර්ජනය කිරිම සම්බන්ධව තලංගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත.

තලංගම පොලිසිය මේ පිළිබද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර ඇති අතර ඉකුත් ජුනි මාසයේ සිට සදුන් මාලින්ද තේනුවර නැමැති ආනයන කේෂ්ත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුම් හා එස් එම් එස් පණිවුඩ එවමින් තර්ජනය කර ඇතැයි පොලිසියට කරුණු වාර්තා කර ඇත.

මාලක සිල්වාගේ මිත්‍රයෙකු විසින් මෙම ව්‍යාපාරිකයාට මුලින් ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ඉල්ලා එය නොසලකා හරින විට උරණ වී දිගින් දිගටම තර්ජන එල්ල කර ඇතැයි හෙලිවී තිබේ

පැමිණිලිකරුගේ ෆෙස්බුක් ගිණුමේ ඡායාරූපයක් ගෙන මොහුව සොයා දෙන ලෙසට මාලක සිල්වාගේ ෆේස්බුක් ගිණුමේ පලකර ඇති බව ද පැමිණිලිකරු පොලිසියට දන්වා ඇත.

අධිකරණයෙන් ලබා ගන්නා දුරකතන වාර්තා මත මරණ තර්ජන සිද්ධියට මාලක සිල්වා අත්අඩංගුවට ගැනිම විමර්ශන අරඹා ඇත.

No comments:

Powered by Blogger.