පොලිස් නාකොටික් ගැන්සියේ ‘ කුඩු විකුණා දුන් වෙලේසුදාගේ ගෝලයා ‘ රට පන්නවයි

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් කරගෙන යන විමර්ශනවලදී තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හරහා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විකුණා ඇත්තේ බන්ධනාගාරගතව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදාගේ බඩෝවිට ප්‍රදේශයේ සිටින ඔහුගේ ගෝලයෙක් හරහා බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය කළ වැටලීම්වලදී පොලිසියට එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ජීප් රථයක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මේ වන විට ලක්ෂ 50ක මුදලක් වැය කරමින් මන්නාරම හරහා ඉන්දියාවට පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඉන්දයාවට පැන ඇති මෙම පුද්ගලයා මේ වන විට ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හරහා ඩුබායි පැනීමට සූදානමින් සිටින බවටත් මේ වන විට බුද්ධිඅංශ වාර්තා මගින් අනාවරණය කරගෙන තිබෙනවා.


No comments:

Powered by Blogger.