කඩු, පොලු හා මුගුරු ගෙන එජාප අපේක්ෂකයා ගෙදරකට පැනලා
කඩු, පොලු හා මුගුරු සහිතව සාපරාධි බිය වැද්දවීම යන චෝදනාව මත එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු කුලියාපිටිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අපේක්ෂකයා පෙරේදා දිනයේ තවත් පිරිසක් සමඟ කිතලව - ඇන්නරුව ප්‍රදේශයේ නිවසකට ගොස් බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී මෙම බියවැද්දවීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
සැකකාර අපේක්ෂකයා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments: