අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්වයක්

අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්වයක්

අඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද වාර්තා වේ.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.

පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

No comments:

Powered by Blogger.