පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගැන කැබිනට් යෝජනාවක්

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගැන කැබිනට් යෝජනාවක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 

මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.