ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 58ක් ගෙනාවේ මහින්ද රාජපක්‍ෂයි.. ගෝටාභය ඡන්ද ලක්‍ෂ 08ක් ගෙනාවා - නාමල්

ගෝටාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ශක්තිය වූයේ මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58 ලක්ෂ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා වූ නමුත් ජනාධිපති වීම සඳහා අවශ්‍යම වූ ලක්ෂ 8ක ඡන්ද ප්‍රමාණය ගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

වත්මන් දේශපාලනය තුළ පවුල් පාලනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.