පැවති පාර්ලිමේන්තුව කැදවන්න හැදුවොත් කරූ අත්අඩංගුවට ගන්නැයි කියයි

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් කිසියම් අත්තනෝමතික ක්‍රියා පටිපාටියක යෙදුනහොත් ඔහු වහාම අත් අඩංගුවට ගතයුතු බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.
විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව එසේ බලෙන් කැදවීමේ සූදානමක් ඇති වුවහොත් වහාම යුද හමුදාව යොදා එම සියලු පිරිස අත්අඩංගුවට ගතයුතු බවද උන්වහන්සේ පැවසූහ.

එසේ අත්අඩංගුවට ගන්නා පිරිස නිරෝධායන රෙගුලාසි යටතේ නිරෝධායන ට යොමු කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නව සිංහල රාවය ජාතික සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.


No comments:

Powered by Blogger.