තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ඉන්දියාවට
ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා , යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව , එරට අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) දින උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1145 දරන එම ගුවන් යානයඅද (23) දින උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ අමිර්තසාර් ( Amritsar ) බලා පිටත්ව ගියේය .
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 - 214 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාව වෙත පිටත්ව ගිය අතර , එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව සමස්ථ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .
මෙම ගුවන් යානය , මෙසේ ඉන්දියාවේ රැදී සිටින සිසුන් රැගෙන අද (23) දින දහවල් 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
ඒ අතර අද (23) දින ඩුබායි හි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ සදහා ඔවුන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අනුමැතිය ලබා ගෙන තිබුණි .
ඔවුන් අද (23) දින අලුයම 4.45 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , පසුව ඔවුන් සහ ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත ඇතුළු කර ගැනීමට පෙර විශබීජ හරණය කිරීමට ද ලක් කෙරුණි .
ඉන්පසුව මෙම ගුවන් මගීන් දෙදෙනා නීරෝධායන කටයුතු සදහා , එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත යොමු කර තිබුණි .
No comments: