ලංකාවේ කොරෝනා පාලනය වෙලා.. මෙහෙම දෙයක් ලෝකයේම නෑ.. ජනපතිට මං කෘතවේදී වෙනවා - කොළඹ නගරාධිපතිනි රෝසි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා ලද තීන්දු මත අද වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

මේ ආකාරයේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන ලද ලෝකයේ එකම රට ශ්‍රී ලංකා බවත් ජනාධිපතිවරයා ගේ දුර දක්නා තීන්දු නිසා කොළඹ නගරයේ ජනතාවට ඉතා පහසුවක් වී ඇති බවත් ඇය පවසයි.
ඊයේ කොළඹ නගරයේ බොහෝ ස්ථාන වසා දමමින් එම දරු පවුල් පවා බලා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් ඇය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කරන බවද ඇය සඳහන් කළාය.

කොළඹ නගරසභාවේ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.