කොළඹ සිට යාපනයට ඇවිත් වියලි මිරිස් විකිණු දෙදෙනෙකු කොරෝනා පරික්ෂණයට

කොළඹ සිට යාපනයට ඇවිත් වියලි මිරිස් විකිණු දෙදෙනෙකු කොරෝනා පරික්ෂණයට

කොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.

කොලඹ සිට කුඩා ලොරි රථයකින් වියලි මිරිස් රැගෙන යාපනය සුලිපුරම් , තෝල්පුරම්, මුත්තුමාරි අම්මාන් වීදිය ආදි ප්‍රදේශයන්හි වියලි මිරිස් අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව යාපනය සෞඛ්‍ය නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාල ලොරි රථයේ සිටි රියදුරු හා සහයක කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.

මේ දින වල යාපනය දිස්ත්‍රීක්කයේ ඇඳිරිනීතිය ලිහිල් කොට ඇති හෙයින් මෙලෙසින් ව්‍යාපාරික කටයුතු වල නිරත වුවද වෙනත් දිස්ත්‍රීක්කයන්හි සිට ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කොට ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Powered by Blogger.