Gazette : තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම්කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ජාතික තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් ශ්‍රී ලංකාව තුළ තහනම් කරමින් ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර ඇත.

ඒ අනුව නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ), ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි), විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් සංවිධාන ලෙස නම්කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 22කට පසුවය.

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ. සිංහල පිටපත තවම මුදාහැර නොමැත.

No comments:

Powered by Blogger.