ගායක අමල් පෙරේරාගේ සොයුරු සහ නළු රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරා අත්අඩංගුවට
ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන සිටින ගායක අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක් වන රයන් වෑන් රොයෙන් ගේ නිවෙස් පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (07) කටයුතු කළා. එහිදී අමල් පෙරේරාගේ මහරගම පිහිටි නිවසේ තිබී හිස් කොකේන් කොපු දෙකක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා. ඒ අනුව ඔහුගේ නිවසේ සිටි අමල් පෙරේරාගේ සොහොයුරා වන සොහාන් පෙරේරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ටෙලි නාට්‍ය නළුවෙක් වන රයන් වෑන් රොයෙන්ගේ දෙහිවල පිහිටි නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් පිවිසුමක් සහිත බෑගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව ඇත. ඒ අනුව එම නිවසේ සිටි රයන් වෑන් රොයෙන්ගේ සොහොයුරාද අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියා,
No comments: