සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/02/ryan-wan-roven-sohan-perera-arrested.html#more
මාකඳුරේ  මධුෂ් සමග සමග ඩුබායිදී අත්අඩංගුවට පත්ව එරට පොලිස් භාරයේ පසුවන අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා අද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සිටි නිවෙස් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය බාවිතයට සම්බන්ධ සැකකටයුතු ද්‍රව්‍ය හමුව තිබීම එයට හේතුවයි.
රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්ව එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇතැයි වාර්තා විය.

 ඒවා ගැන පිලිතුරු දෙන්නට අපොහොසත්වූ රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරා වන ගායක සොහාන් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු
කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය  සඳහන් කර තිබේ. ඒ අනුව සොහාන් පෙරේරා අත්අඩංගුවට පත්විය.
එහු මීට ඉහතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ චූදිතයකුවී අත්අඩංගුවට පත් අයෙකි.

අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වී තිබේ.
ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත.

No comments:

Powered by Blogger.