කසල තේ අපනයනයට රජය අවසර දේවිද?

තේවලට සාපේක්ෂව තේ දලු ඇඹරීමේදී ඉවතලන තේ දල්ලේ නැටිවලට විශාල ඉල්ලුමක් තිබෙන බව කුඩා තේ කර්මාන්ත ශාලා හිමියෝ සඳහන් කරති.
එහෙත් තේ ආඥා පනතට අනුව තේ දල්ලේ නැටි අලෙවි කළ නොහැකි බවත් මේ නිසා ව්‍යාපාරිකයන් කිහිපදෙනකු තේ නැටි තේතොගවල සඟවා රහසිගතව විදේශ රටවලට රැගෙන යන බවත් එම පිරිස පෙන්වා දෙති.
කර්මාන්ත ශාලාවලින් තේ නැටි ඇතුළු අපද්‍රව්‍ය කසළ තේ ලෙස නම් කර කිලෝවක් රුපියල් 50ක් හෝ ඊට ආසන්න මුදලකට අලෙවි කරන බවද ඔවුහු පවසති.
මේ හේතුවෙන් පවතින නීතිමය තත්ත්වය වෙනස් කර තේ නැටි වෙනම විදේශ රටවලට රැගෙන යෑමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නීතිඥ නවීන් දිසානායක ඇමැතිවරයාට ඉදිරියේදී සන්දේශයක් භාරදෙන බවද එම පිරිස් ප්‍රකාශ කළහ.
සුවඳවිලවුන් හා බටහිර ඔෟෂධ නිෂ්පාදනය කිරීමේදී සහ කෝලා වර්ග නිෂ්පාදනයේදී තේ නැටි මේ වන විට විවිධ රටවල් විසින් භාවිත කරනු ලබන බවත් එබැවින් තේ නැටි කිලෝවක් ජාත්‍යන්තරයේදී අලෙවි වනුයේ ඩොලර් 3ත් 4ත් අතර මුදලකට බවත් කුඩා තේ වතු කර්මාන්ත ශාලා හිමියෝ පවසති.
චීනය, සිංගප්පූරුව, මෝල්ටාව, තුර්කිය වැනි රටවල් මූලික කරගනිමින් මීට අදාළ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද රහසිගතව මීට අදාළ ව්‍යාපාර කටයුතු සිදු කරන බව එම පිරිස් පැවැසූහ.
No comments: