මන්නාරමේ සිට අනුරාධපුරයට බිම පෙරළෙමින් සාම ගමනේ යන හින්දු බැතිමතා

උතුරේත් දකුණේත් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය වී රටට සාමය උදාවේවායි යන පණිවුඩය සිංහල හා දෙමළ ජනතාව අතරට රැගෙන යෑම සඳහා මන්නාරමේ හින්දු බැතිමතකු මන්නාරමේ සිට අනුරාධපුරය දක්වා බිම පෙරළෙමින් සාම ගමනක් ආරම්භ කොට තිබේ. මන්නාරමේ තිරුකේතීස්වරන් ඓතිහාසික කෝවිල ඉදිරිපිටින් මෙම ගමන පෙරේදා (5දා) උදෑසන ආරම්භ කළ අතර එය කිලෝ මීටර් 150ක් දුර ගෙවමින් අනුරාධපුරයෙන් අවසන් කිරීමට නියමිතය.
ඔහුගේ හිතවතුන් පිරිසක් හා ඥාතීන් ඔහුට බිම පෙරළෙමින් යෑම සඳහා මහා මාර්ගයේ ගෝනි පඩංගු අතුරන අතර මඳ දුරක්ඔහු බිම පෙරළෙමින් ගමන් කොට සිංහල හා දෙමළ ජනතාව අතර සංහිඳියාව හා සාමය වර්ධනය විය යුත්තේ මන්දැයි යන්න විග්‍රහ කරමින් භාෂා දෙකෙන්ම දේශන පවත්වයි.
ජාතීන් හා ආගම් අතර කිසිදු වෙනසක් නොමැති බවත් සිංහල හා දෙමළ වශයෙන් බෙදී සිටීම තුළින් ඇතිවන අනිටු විපාකත් ඔහු සිය දේශනාවට ඇතුළත් කොට තිබේ.
මහා මාර්ගයේ බිම පෙරළෙමින් ඉදිරියට යන එම ගමන බලා සිටින පිරිසට දැඩි අනුකම්පාවක් ගෙනදෙන දසුනක් වුවත් එම ගමන යන හින්දු බැතිමතා ඉතාම උනන්දුවෙන් හා සතුටෙන් යුතුව බිම පෙරළෙමින් ඉදිරියට ගමන් කරයි.
No comments: