මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස උතුරේ දේශපාලනඥයන්ද සිටිනවා

උතුරේ පමණක් නොව මුළු රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමඟ උතුරු - නැඟෙනහිර දේශපාලනඥයන් සිටින බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය මන්නාරමේදී පැවැසුවාය.
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ මන්නාරම අඩම්පන් මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අවස්ථාවේදීය.
එහිදී විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙසේද කීය.
දේශපාලනඥයන්ගේ වාහන පරීක්‍ෂා කිරීමක් සිදු නොකරන නිසා ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ඔවුන්ට අවශ්‍ය ස්ථානවලට රැගෙන යෑමට අවස්ථාව උදා වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා මේ වන විට උතුරු පළාත මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ඒ උතුරු පළාත ඉන්දියාවට ඉතාම ආසන්නයේ පැවැතීමත් ඉන්දියාවේ සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය උතුරු පළාතේ විවිධ ස්ථානවලට ළඟා වීමත් නිසා.
ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට කුමන වැඩසටහන් ක්‍රියාත්මක කළද උතුරු - නැඟෙනහිර දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නම් එම වැඩපිළිවෙළවලින් කිසිදු ප්‍රයෝජනයක් නෑ. මේ සඳහා ජනතාවට හා විශේෂයෙන්ම පාසල් සිසුන්ට කළ හැකි වන්නේ මත්ද්‍රව්‍ය පිටුදකිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී සිටීම පමණි.
No comments: