සංගා පාපැදි සවාරියකින් රට වටේ යයි (photos)



සංගා පාපැදි සවාරියකින් රට වටේ යයි (photos)

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක කුමාර් සංගක්‌කාර පාපැදි සවාරියකට සහභාගී වී සිටිනවා.

ඒ වසර 04ක සිට පවත්වාගෙන යනු ලබන 'අඳුරෙන් එළියට' නම් වූ දින 13ක්‌ පුරා දිවෙන පාපැදි සවාරියටයි.

මෙම සවාරිය ඊයේ (29) උදැසන කොළඹ නිදහස්‌ චතුරශ්‍රය අසලින් ගමන් ආරම්භ වුණා.

ශ්‍රී ලාංකික ජනතාවගේ මානසික සුබ සිද්ධිය වර්ධනය කරමින්, ජීවිත හානි අවම කර ගැනීම සඳහා කැපවීමකින් ක්‍රියා කරන 1333 bikeathon නම් නොමිලයේ දුරකථන උපදේශන සේවාව මගින් මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබෙනවා.

අගෝස්‌තු 29 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනි දින දක්‌වා දිවයිනේ ප්‍රදේශ ගණනාවක්‌ ඔස්‌සේ ගමන් කරමින් කොළඹ නිදහස්‌ චතුරශ්‍රය අසලින් සවාරිය නිම වන අතර, 'අඳුරෙන් එළියට' නමින් නම් කෙරුණ මෙම සවාරියේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.






No comments:

Powered by Blogger.