විපක්‍ෂ නායකත්වය ඒකාබද්දයට නෑ.. තව දුරටත් සම්බන්ධන්මයි.. කතානායක තීන්දුයි… පාර්ලිමේන්තුව නොනවතින යුද පිටියක් වෙයි..
කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව තව දුරටත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතාම කටයුතු කරනු ඇත. ඉතා ඉක්මනින් මෙම තීන්දුව පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුව සමග කටයුතු කරන්නේ යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා විසින් කතානායකවරයාට කර ඇති දැනුම්දීමක් අනුව මෙම තීරණය ගෙන ඇති බවද සදහන්ය. කෙසේ වෙත්ත ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරන්නේ කතානායකවරයා තීන්දු ගත යුත්තේ දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ගේ ලිපි මත නොව පාර්ලිමේන්තුවේ ඇසට පෙනෙන බහුතරය මත බවයි.
ඒකාබද්ද විපක්‍ෂය පවසන්නේ විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීන් 70ක් නියෝජනය කරන තම කණ්ඩායමට ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන්නට ඉඩ නොතබා එතුල දිගින් දිගටම අරගල කරනා බවයි.

No comments: