කළුතර ප‍්‍රබල ඇමතිගේ ගෝලයන් දිස්ත‍්‍රික්කය පුරා මත්කුඩු ජාවාරමේ…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකුගේ ගෝලයන් පිරිසක් විසින් කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා සභාව වාද්දුව පොලිසිය අසල විරෝධතාවක නිරතව සිටියහ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ද ඇරයුම් කරමින් වාද්දුව හෝටලයක පැවැත්වූ සුපිරි සාදයේදී තරුණයන් 04 දෙනෙකු මියගොස් ඇති බව ද මෙහිදී විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකා, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා නායිකා හසිනි ද සිල්වා මෙනවිය සදහන් කළේ වාද්දුවෙන් ඇරඹි මෙම විරෝධතා ව්‍යාපාරය, කළුතර දිසාවේ තරුණ, තරුණියන් මත් උවදුරින් බේරා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව දිස්ත්‍රික්කය පුරාම දියත් කරන බවයි.
– අනුරුද්ද බණ්ඩාර

No comments: