මහින්ද ඡන්දෙ දින්නත් ලංකාවේ පාලනය දෙන්නේ අපිට ඕන අයට - ඇමෙරිකානු තානාපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ශ්‍රී ලංකාවේ දේශපාලනයට විදෙස් රටවලින් සිදු කරනා බලපෑම සුලුපටු නොවේ. ශ්‍රී ලංකා දේශපාලනයේ බොහෝ වැදගත් තීරණ ලබා ගන්නේ විදෙස් තානාපති කාර්යාල වලින් බවද කියවෙනවා. ඒ අතර ඇමෙරිකාව සහ ඉන්දියාව විශේෂයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ දිනවල දැඩි ලෙස කාර්යබහුල වී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මීළග පාලකයා තෝරා ගන්නා 2020 ජනපතිවරණය උදෙසා සිය සැලසුම් මේ දිනවල සකස් කරමින් සිටින බවයි.

මෙවැනි වටපිටාවක් තුල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයකුට පසුගිය සතියේ ඇමෙරිකානු තානාපතිවරයාගෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙසට ඇරැයුමක් ලැබි තිබෙනවා. මෙම හමුව පැවැත්වුණේ කොළඹ තරු පන්තියේ හෝටලයකදීයි. ඇමෙරිකානු තානාපතිවරයාට අමතරව කැනඩා සහ ජර්මානු තානාපතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගීව සිටි අතර ඉන්දියානු සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරු දුරකථනයෙන් අවස්ථානුකූලව සාකච්ඡාවට එක්ව තිබෙනවා. 

එහිදී අමෙරිකානු තානාපතිවරයා ඒකාබද්ධ ප‍්‍රබලයාට කීයා ඇත්තේ ‘‘අපි ලංකාවේ ආණ්ඩු මාරුවකට දායක වුණා. හැබැයි ඒකෙන් අපි බලාපොරොත්තු තරම් සාර්ථක වුණේ නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා. අපි දැන් තියෙන තත්ත්වය ගැන සතුටක් නැහැ. ඒත් අපිට දැන් විකල්පයක් නැහැ. ඒ හින්දා ඔයාලට ඉඩක් ලබාදෙන්න අපි සූදානම් නැහැ. මොනවා වුණත් මේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම තමයි අපට අවශ්‍ය වී ඇත්තේ’’ කියාය. 

‘‘අපි අතින් පහුගිය කාලයේ සිද්ධ වෙච්ච අඩුපාඩු අපි දැන් නිවැරැදි කරගෙන තියෙනවා. ආණ්ඩුව අපිට කරපු චෝදනා එකක්වත් ඔප්පු වෙලා නැහැ. අපි ස්වයං විවේචනයක නිරත වෙලා ගමනක් ආරම්භ කරලා තියෙනවා. ජනතාවට දැන් වැටහිලා තියෙනවා අපිට කරපු චෝදනා බොරු බව’’ ඒකාබද්ධයේ ප‍්‍රබලයා පවසා තිබෙනවා. 

‘‘අපිට ඔයාලව විශ්වාස නැහැ. ඔයාලගේ ප‍්‍රතිපත්ති තවම වෙනස් වෙලා නැහැ කියලයි අපි හිතන්නේ. අපි මොනවා වුණත් පළාත් සභා මැතිවරණය තියන්න ආණ්ඩුවට අවසර දෙනවා. දිගින් දිගටම මැතිවරණ කල් දාන එක ආණ්ඩුවට හොඳ නැහැ. එහෙම වුණාම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ කියලා මතයක් ජනතාව අතර ඇති වෙනවා. අපේ සමීක්ෂණවලට අනුව නම් දිනන්නේ ඔයාලා. ආණ්ඩුවක් කරගෙන යන්න ලැබෙන එකක් නැහැ’’ තානාපතිවරයා පවසනවා. 

‘‘එහෙම කරන්නේ කොහොමද? අද ජනතාව ඉන්නේ අපි එක්ක. මේ රටේ මිනිස්සු දැන් ආයෙත් ඉල්ලන්නේ මහින්ද ව. ඒ නිසා ඒක කරන්න බැහැ’’ ප‍්‍රබලයා කියා තිබෙනවා. 

‘‘අපි ඒ ගැන දන්න නිසයි කියන්නේ. ලෝකෙ හුඟක් අත්දැකීම් මේ ගැන තියනවා. දන්නවා ඇතිනේ’’ තානාපතිවරයා අවධාරණය කර සිටියේ.

‘‘අපි විශ්වාසය තියන්නේ ජනතාව ගැනයි. මොන තරම් වියහියදම් කළත් ආයෙත් වතාවක් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්කමක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. අපි මැතිවරණයෙන් පස්සේ බලමුකෝ’’ කියමින් ඒකාබද්ධයේ ප‍්‍රබලයා සාකච්ඡාව නිමා කළේ. 

අනතුරුව මෙම ප‍්‍රබලයා කෙළින්ම ගියේ මහින්ද මුණගැසීමටය. ඔහු මහින්ද හමු වී තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් තමන්ට කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව ඉදිරි වැඩපිළිවෙළක් සැකසීම ගැන දෙදෙනා සාකච්ඡා කළා.

එම සාකච්ඡාවට අනුව මහින්දගේ යුගයේ විදෙස් රටවල රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙවරේ යෙදී සිටි පිරිස ගෙන්වා සාකච්ඡා කිරීමට තීන්දු කෙරිණි. මෙම හමුව මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ හිටපු තානාපතිවරයකුට අයත් අවන්හලකදීයි. 

එහිදී බටහිර තානාපතිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයාට කියා ඇති දේ ගැන කරුණු පැහැදිලි කළ මහින්ද ‘‘අපි මේ තර්ජනයට බිය විය යුතු නැහැ. නමුත් මේකට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ඒ ගැන සාකච්ඡා කරන්නයි අපි ඔබතුමාලා කැඳෙව්වේ’’. 

කෙසේ වෙතත් ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ පාලනයට තානාපති කාර්යාල සිදු කරනා මෙවන් බලපෑම් පිළිබදව දැන් බොහො දෙනා දැනුවත් අතර සමාජජාලා මාධ්‍යය තුලද මේ පිළිබදව දැඩි කතාබහක් ඇතිව තිබෙනු දක්නට ලැබෙනවා.

No comments:

Powered by Blogger.