ආබාධිත ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිණුමක මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඞ්



පානදුර, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ ආබාධිත ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් තිස්තුන් ලක්‍ෂයක මුදලක් සාපරාධි ලෙස වංචා කළ බව කියන කාන්තාවක් අද (30) රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක්.

 පානදුර විශේෂ අපරාධ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී දින 14 ක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චන්දන ලියනගේ නියෝග කළේ.

No comments:

Powered by Blogger.