ළමා සොල්දාදුකමේ සිට මහ ඇමැතිකමට ආ පිල්ලෙයාන් අද පාර්ලිමේන්තුව අමතයි

ළමා සොල්දාදුකමේ සිට මහ ඇමැතිකමට ආ පිල්ලෙයාන් අද පාර්ලිමේන්තුව අමතයි

කොටි සංවිධානයේ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කර ඉන්පසු කොටි සංවිධානයෙන් කැඩී දේශපාලනයට පිවිස නැගෙනහිර මහ ඇමතිවරයා වූ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද සභාව ඇමතීම විශේෂත්වයකි.

TMVP පක්ෂයේ නායකයා වන ඔහු මෙසේ පාර්ලිමේන්තුව ඇමතුවේ නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව කරමිනි.

කරුණා අම්මන් සමඟ කොටි සංවිධානයෙන් බිදී පැමිණි පිල්ලෙයාන් පසුව ඔහුගෙන් ද කැඩී නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන නැගෙනහිර මහා ඇමති ධුරය දක්වා යන ලදී.

පසුගිය මහා මැතිවරණයේදී බන්ධනාගාරයේ සිට මැතිවරණයට ඉදිරිපත් වී මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී සිටියි.

ඔහු සිය සහය වත්මන් ආණ්ඩුවට ලබා දීමට නියමිතය.

No comments:

Powered by Blogger.