සජිත් නව විපක්ෂ නායක - කතානායක නිල වශයෙන් දැනුම් දෙයි
නව වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව පත් කරන බව නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිල වශයෙන් දැනුම් දෙන ලදී.
පසුගිය මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 54ක් හිමි වූ අතර එය පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙවැනි විශාලතම පක්ෂය වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුරුන්ද යන්න තවමත් කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින් එය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැත.
No comments: