කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කර සිටියි.

අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුණි.

වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව විසින් හෝටලයක් ද පවත්වාගෙන ගොස් තිබුණි.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරිමට තමන් කටයුතු කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Powered by Blogger.