ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා - කිරිඇල්ල

ජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නාවලපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ප‍්‍රකාශ කළේය.

කොරෝනා යම්කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් සත්‍ය තත්වය ජනතාවට පැවසිය යුතුයැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

කොරෝනා නැවත සමාජගත වී තිබෙන අවස්ථාවක ආණ්ඩුව හදිසියේ මැතිවරණ කටයුතු නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි රටට පැහැදිලි ප‍්‍රකාශයක් කලයුතු බවත් රජය ජනතාවගෙන් සත්‍ය වසන් කරනවාදැයි ගැට`එවක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මීට පෙරද ආණ්ඩුව මැතිවරණයට නාමයෝජනා කැඳවනතෙක් තොරතුරු වසන් කලබැවින් මෙවරද මැතිවරණය වෙනුවෙන් සත්‍ය තොරතුරු වසන් කරනවාද යන්න සැකයක් පවතින බවත් කිරිඇල්ල මහතා මෙහිදි පැවසීය.

– රජිත සමරසූරිය


No comments:

Powered by Blogger.