පැය 24ක් තුළ සැකකරුවන් 376 ක් කොටු - බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක්

පැය 24ක් තුළ සැකකරුවන් 376 ක් කොටු - බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදි විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 376 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) උදෑසන 6 සිට ගතවු පැය 24 ක කාලය තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

එහිදි හෙරෝයින් ළඟතබා ගෙන සිටි සැකකරුවන් 171දෙනෙකු, ගංජා ළඟ තබා ගෙන සිටි 78 දෙනෙකු , නීති විරෝධී මත්පැන් හා අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 127දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2164 දෙනෙකුට පොලිසිය විසින් අවවාද කර තිබේ.

දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1765 දෙනෙකුට අවවාද කර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

No comments:

Powered by Blogger.