වැඩි මිලට වැලි විකුණන තොටුපල හිමියන්ට වැඩ වරදි

වැඩි මිලට වැලි විකුණන තොටුපල හිමියන්ට වැඩ වරදි

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කර ඇත්තේ, බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කරන සමහර වැලි තොටුපලවලින් නියමිත ගාස්තුවලට වඩා වැඩි ගාස්තුවක් අය කරන බවට තමාට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙවැනි අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා දැනුම් දෙයි.

ඒ සඳහා දැනටමත් වැලීම් ආරම්භ කර ඇති බවත් වැලි ඡාවාරමේ නියැලෙන කිහිප දෙනෙකුගේ මෙවැනි ක්‍රියා කිරීම් කිසිසේත් ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ අතර මෙවැන් වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම 071 53 52 304 යන දුරකථන අංකය අමතා තමාට දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා පවසයි.

No comments:

Powered by Blogger.