"ව්‍යවස්ථාදායක සභාව රැස් වන්නේ පත් කිරීම් කිහිපයක් කිරීමටයි " - සාමාජික මහින්ද සමරසිංහ

අද (23) ව්‍යවස්ථාදායක සභාව රැස්වන්නේ අත්‍යවශ්‍ය පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට බව එහි සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඒෂියන් මිර්ර් වෙත සදහන් කලේය.

ඒ සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්, ව්‍යවස්ථාදායක සභාවට බලය හිමි වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

පුරප්පාඩු තිබෙන මානව හිමිකම් කොමිසමේ සහ වන්දි ගෙවීමේ කොමිටියක පත් කිරීම් සිදු කිරීම අද රැස් වන ව්‍යවස්ථාදායක සභාවෙන් සිදු කරන බවද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

No comments:

Powered by Blogger.