"ව්‍යවස්ථාදායක සභාව රැස්විය හැක්කේ පත්වීමක් දීමට පමණයි" - විජේදාස
අද (23) කතානායකවරයා විසින් කැඳවා ඇති ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව විසුරුවා හැරී අවස්ථාවක කැඳවිය හැක්කේ පත් වීමක් දීමට පමණක් බවත් ඒ හැර වෙනත් කිසිදු කටයුත්තක් සාකච්ජා කිරීම ව්‍යවස්ථා විරෝධී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත පැවසිය.
ව්‍යවස්ථා දායක සභාව කැඳවා ඇත්තේ කුමන හේතුවකටද යන්න මෙතෙක් හෙළිදරව් නොකිරීම ගැටළුවක් බවඵ ඔහු පෙන්වා දෙයි.
අද පැවැත්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී වනවාද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති මුත් ඔහු ඊට සහභාගී වුවහොත් එම සාකච්ජාවට නිත්‍යානුකූල බවක් හිමි වන බවද විජේදාස මහතා සඳහන් කරයි.
No comments: