කොරෝනා ආසාධිත හෙදිය නිසා අධිවේගී බස් රථයක් ගැන අවදානමේ - ATM යන්ත්‍රයට පැමිණි අය ගැන සොයයි

කොරෝනා වැළදී ඇති බවට මාතර ප්‍රදේශයෙන් සොයාගත් 26 හැවිරිදි කාන්තාව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ හෙදියක් බව වාර්තා වනවා.

ඇය පසුගිය 14වනදා මාතර නාවිමන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

මාර්තු 20 වැනිදා ඇය නිවසේ සිට ත්‍රි රෝද රථයකින් මාතරට ගොස් අධිවේගී මාර්ගයේ බස් රථයකින් කොළඹට පැමිණ ඇත්තේ සිය පියා සමගයි.

ඇය බස් රථයට ගොඩවීමට පෙර මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් ද ලබාගෙන තිබෙනවා.

මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

අප මේ සම්බන්ධයෙන් අදාළ හෙද නිලධාරිනියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ, ඇගේ පියා සහ වාට්ටුවේ සේවය කළ සෙසු හෙදියන් ද නිරෝධායනයට යොමුකර ඇති බවයි.

No comments:

Powered by Blogger.