nalin bandara

ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කර වූයේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා ඇතුළු එම කණ්ඩායම විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් එක්සත් ජාතික පක්ෂ බිංගිරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව ද මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරියට යාමට තමන් සූදානම් නැති බව ද ඔහු කියා සිටියේය.


තවදුරටත් දේශපාලනය කරන්නට නම් පක්ෂ නායකත්වය ඇතුළු සියළු තනතුරු වෙනස් විය යුතු බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී පක්ෂයට ලැබුණු අරමුදල් අතුරුදහන් වූ බවද කී ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා අපහසුවෙන් සිදු කල බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරවීම සඳහා මැතිවරණ කාලයේ දී විවිධ කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මෙම චෝදනා එල්ල කරන ලදී.

No comments:

Powered by Blogger.