බන්දුල ලොකුම ක්‍රිකට් පිටියේ වැඩ පටන්ගන්න ස්ථානීය පරික්ෂාවක

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

වසර 3ක් ඇතුළත මෙම ක්‍රීඩා පිටිය සාදා නිමකරන බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තෙ හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන් කර තිබේ.

දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි පදිරී ක්‍රීඩාංගනය සකස් කරන බව පවසන ගුණවර්ධන මහතා පළමු අදිරය යටතේ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සකස් කරන බවත්, දෙවන අදියර යටතේ ආසන විසිදහසක් එක් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

සියලු නවීන පහසුකම්වලින් ක්‍රීඩාංගනය සමන්විත බව ද අමාත්‍යවරයා සදහන් පැවසීය.

කෙසේවුවද, Covid-19 වෙරසය හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි බිඳවැටීමකට ලක්ව තිබියදී මෙම ක්‍රීඩාංගනය මේ අවස්ථාවේ ඉදිකිරීම අත්‍යාවශ්‍ය කරුණක්ද යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීමට ද පටන්ගෙන තිබේ.


No comments:

Powered by Blogger.