ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් පොහොට්ටුවන් කිපේ.. සන්ධාන සාකච්චා වහා අතහරින්නැයි ඉල්ලීම්.. ජනපතිට කිසිම තනතුරක් දෙනවාටත් විරෝධය

නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ පවත්වන සන්ධාන සාකච්ඡා වහාම අත්හැර දැමිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතන් ගණනාවක්ම එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තාවෙයි.

එම පක්ෂ ප්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් පැවති රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කරන බවයි.

මේ හේතුවෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සන්ධාන සාකච්ඡා සිදු නොකළ යුතු බව ඔවුන්ගේ අදහස විය ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම්මට්ටමේ පාක්ෂිකයන් හෝ තනි තනි මන්ත්‍රීවරුන් එක් වන්නේ නම් ඔවුන් සමග සාකච්ඡාවක් කර ඔවුන් පක්ෂයට එක් කරගැනීමට ගැනීමේ විරෝධයක් නැති බවද ඔවුන් සඳහන් කර ඇතැයි ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු එකඟතාවයක් හෝ ඔහුට නව සන්ධානයේ හෝ මීලග ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බව බහුතර පිරිසකගේ අදහස වී ඇතැයි ප‍්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ නායක මට්ටමේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් දැනට කරන්න නැති බවද ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.