sajith's team

ක්ෂයේ නායකත්වය හා ප්‍රතිපත්ති විවේචනය කරමින් පක්ෂය දෙකඩ කරන ආකාරයෙන් කටයුතු කරන සියලුම එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් විනය පියවර පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව පළමුව ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අගමැතිවරයා මේ බව තීරණය කර දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ හමුවකදීය.

නිදහසට කරුණු විමසීම දැනුම් දීමේ ලිපි මේ වන විටත් සකස් කරමින් ඇති බවද වාර්තා වේ.

පක්ෂයේ අනුදැනුමකින් තොරව රැස්වීම් සංවිධානය කරන සියලුම සංවිධායකවරුන් සම්බන්ධයෙන් එහිදී දැඩි විනය පියවර ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විනය කමිටුවක්ද කඩිනමින් පත්කිරීමට නියමිතය.

මෙම විනය පරීක්ෂණ වලින් වැරදිකරුවන් වන අය දරන සියලු තනතුරුවලින් ඉවත් කිරීමටද නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


No comments:

Powered by Blogger.