පාස්කු බෝම්බ කමිටුවේ කැදවීම ජනපති පිලි නොගනී.. සාක්‍ෂි දෙන්න නොපැමිණේ !

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා නොපැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම කමිටුව ඉදිරියේ පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට දින තුනක් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

කෙසේ වෙතත් එවැනි කැඳවීමක් ජනාධිපතිවරයා වෙත මෙතෙක් ලැබී නැති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට ජනාධිපතිවරයකු වූ කැඳවිය නොහැකි බවත් කැඳවීමක් කලද තමන් සහභාගි නොවන බවත් ජනාධිපතිවරයා මීට ටික දිනකට පෙර සඳහන් කරන ලදී.




No comments:

Powered by Blogger.