මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු තමන් මන්දිරවල වාසය කිරීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් රට පුරා කුඩා ගම්මානවල පොඩි මිනිහාත් සමග හරි හරියට ජීවත් වන බවද ඔහු සදහන් කලේය.

වෙඩි නොවදින වාහන තමන් ප්‍රතික්ෂේප කරන බව පැවසූ ඔහු තමන් මරණය ලබාගන්නේද පොදු ජනතාම සමග අත්හැල් බැදගෙන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඇමැති මංගල සමරවීර මහතා විසින් මාතරදී සංවිධානය කර තිබුණු ‘සජිත් එනවා’ දෙවන රැළිය අමතමිනි.


No comments:

Powered by Blogger.